බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ 16 වැනි උපාධි ප්රදානෝත්සවය පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වා තිබේ.
මෙවර උපාධි ප්‍රදානෝත්සවයේ වසරේ හොඳම ව්‍යාපෘතිය සඳහා දක්ෂතම ව්‍යවසායකයා ලෙස සුදුසුකම් ලත් එන්.ජී. ගුණරත්න මහතා, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අතින් තිළිණ ලබාගන්නා ලදී.
මෙම අවස්ථාවට බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ විධායක නිලධාරීන් පිරිසක් සමග එහි ලේඛකාධිකාරී රුවන් අමරසේකර, සභාපති මහාචාර්ය ගිහාන් වික්‍රමනායක හා එහි ශ්‍රී ලංකා නියෝජිත නිරංජලා ජයතිලක යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.