කොළඹ මෝදර බොනවිස්ටා ක්‍රීඩා භූමියේ ඉදිකෙරන බහුවිධ සමාජ සුබසාධන මධ්‍යස්ථානයට මුල් ගල් තැබීම අද (08දා) මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
රු.මිලියන 250ක වියදමෙන් ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානය කොළඹ මහ නගර සභාවේ සහ මුදල් අමාත්‍යාංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 150ක් මුදල් අමාත්‍යාංශයෙන් ලබා දෙන අතර කොළඹ මහ නගර සභාව ඉතිරි රුපියල් මිලියන 100 ලබා දෙනු ඇත.
ළමා සුරැකුම් මධ්‍යස්ථානයක්, අක්ෂි පරීක්ෂණ මධ්‍යස්ථානයක්, විශේෂඥ වෛද්‍ය සේවා, දන්ත මධ්‍යස්ථානයක්, වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක්, පුස්තකාල, තොරතුරු තාක්ෂණ පහසුකම්, ආපනශාලා, ක්‍රීඩාංගනයක්, පාලන කාර්යාලයකින් ද මෙම බහුවිධ සමාජ සුබසාධන මධ්‍යස්ථානය සමන්විත වේ. එළඹෙන දෙසැම්බර් මාසයේ දී මෙම මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.