රටේ බලශක්ති කළමනාකාරණය මගින් රටට අවශ්‍ය බලශක්ති විශාල ඒකක ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බවත්, ඒ තුළින් අලුතින් බලාගාර ස්ථාපනය කරන කාර්යය අවම කරගත හැකි බවත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ අජිත් පී. පෙරේරා මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ගුවන් හමුදා කඳවුරුවල බලශක්ති සංරක්ෂණය සිදුකිරීම සඳහා පත්කර ඇති ගුවන් හමුදා බලශක්ති කළමනාකරුවන් වෙත සහතිකපත් ප්රදානය කිරීම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරේ පසුගියදා පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"මගේ අමාත්‍යාංශය යටතේ තිබෙන වැදගත් ආයතනයක් සුනිත්‍ය බලශක්ති අධිකාරිය. ඒ වගේම බලශක්ති කළමනාකරණය කියන්නේ ඉතා වැදගත් කාරණයක්. විදුලි පරිහරණයේදී ආණ්ඩුවක් හැටියට අභියෝග කිහිපයකට මුහුණ දෙනවා. ඒ තමයි අවම මිලක් යටතේ අඛණ්ඩව කාර්යක්ෂම විදුලියක් ලබාදීම. ආයතනයක් වශයෙන් විදුලිය පරිහරණය සඳහා වැයවන වියදම අවම කරගත යුතුයි. බොහෝ දෙනෙක් සාකච්ඡුා කරන කාරණය තමයි රටට කොපමණ බලශක්තියක් අවශ්‍යද එය ලබාගන්නේ කොහොමද කියන එක. ආණ්ඩුවක් විදිහට වගකීමක් තිබෙනවා බලශක්තිය ලබාදෙන කාර්යය තහවුරු කරන එක. ඒ සඳහා බලාගාර හදන්න අපි සාකච්ඡා කරනවා. නමුත් රටේ බලශක්ති කළමනාකාරණය මගින් රටට අවශ්‍ය බලශක්ති විශාල ඒකක ප්‍රමාණයක් ඉතිරි කරගත හැකියි. ඒ තුළින් අලුතින් බලාගාර ස්ථාපනය කරන කාර්යය අවම කරගත හැකියි" යනුවෙන් පවසා සිටියේය.