මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත් හරහා දිවෙන පේරාදෙණිය - චෙන්කලාඩි මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක් පසුගියදා ඌව පළාත් රාජ්‍ය නිලධාරින් සමඟ පැවැත්විණි.
බදුල්ල සිට කිලෝ මීටර් 141ක දුරක් එම මාර්ගය ඉදිකිරීමට නියමිතය. මුළු දුර සඳහා ඇ.ඩො. මිලියන 140ක් මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබේ. බදුල්ල සිට බිබිල දක්වා පළමු අදියර පියවර තුනකින් ඉදිකෙරෙන අතර දෙවැනි අදියර වන බිබිල සිට චෙන්කලාඩි තවත් පියවර තුනකින් ඉදිකිරීමට නියමිතය. මාර්ගය ඉදිකිරීමට අදාළව පවතින ගැටලු කඩිනමින් විසදා ඉදිකිරීම් කටයුතු වසර නිම වීමට පෙර ආරම්භ කිරීමට අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණි.