මෙරට පවතින බදු අයකර ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සිය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ තායිලන්න තානාපති නොපෝන් අඩ්චරියාවනිච් මහතා සඳහන් කර තිබේ.
තානාපතිවරයා පෙන්වා දෙන්නේ රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීම, බදු ගෙවීම පැහැර හරින්නන් නිවැරදිව හඳුනා ගැනීම සහ ඔවුන්ට මඟපෙන්වීම ලබාදීම අවශ්‍ය බවයි. මේ සඳහා මුදල් අමාත්‍යාංශය යටතේ පවතින දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම කාලෝචිත පියවරක් බවද තානාපතිවරයා සඳහන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
තායිලන්න තානාපතිවරයා මෙම අදහස් දැක්වීම සිදුකර තිබුණේ සිය නිල කාලය අවසන් කර සිය රට බලා පිටත්ව යාමට පෙර මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පසුගිය 19දා එම අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.
තායිලන්ත බදු ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා දේශීය ආදායම්, සුරාබදු වැනි දෙපාර්තමේන්තුවල ඉහළ නිලධාරීන්ට තම රට තුළ අවස්ථාව උදාකර දීමට හැකි බවද තානාපතිවරයා එහිදී සඳහන් කර තිබේ.