ශ්රී ලංකා ජාතික මානව සම්පත් සංවර්ධන සභාව සමග ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ වෘත්තීය පුහුණු ආයතනය එක්ව පවත්වනු ලබන රැකියා/වෘත්තීය වෙළෙඳ පොළ 2015 නොවැම්බර් 04 වැනි බදාදා පෙ.ව.9.00 සිට 4.30 දක්වා පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩප ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
රැකියා අපේක්ෂිතයන් එම ස්ථානයේදී සම්මුඛ පරීක්ෂණයන්ට භාජනය වන වන අතර, පෙ.ව.11.30 සිට ප.ව.4.30 දක්වා ඔවුන්ට සිය අයදුම්පත් තහවුරු කරගැනීමටද හැකියාව ලැබෙන බව කියයි. මේ සඳහා සහභාගි වීමට උනන්දුවක් දක්වන රැකියා අපේක්ෂිතයන් 011-2595680/79 යන දුරකථන අංකයෙන් කොළඹ, ජාතික මානව සම්පත් සංවර්ධන සභාව සම්බන්ධ කරගත හැකිය. එමෙන්ම, මීට සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන සේවා යෝජක සමාගම්වලට 011-2689596 යන ෆැක්ස් අංකය මගින් හෝ 011-4741788 යන දුරකථන අංකයෙන් ජාතික වාණිජ මණ්ඩලය අමතා තොරතුරු ලබාගත හැකිය.