2016 පෙබරවාරි මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017පෙබරවාරි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවේ 1.1%ක වැඩිවීමක් වාර්තා වන බව 2017පෙබරවාරි මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්යාල්ඛන අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා නිවේදනය කරයි.
කර්මාන්ත අංශයේ වර්ධනය මැනීමට වඩාත්ම සුදුසු දර්ශකයක් ලෙස කාර්මික නිෂ්පාදන දර්ශකය හැඳින්විය හැකි බවත්, මෙම දර්ශකය මගින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවේ කෙටි කාලීන වෙනස්වීම් හඳුනාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. තවද, මෙමගින් ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්ය හඳුනාගත අතර, ඒ අනුව 2015 වර්ෂය, පදනම් වර්ෂය ලෙස ගෙන ගණනය කරනු මෙම දර්ශකය 2017ජනවාරි මස සිට දින 42ක කාල පරතරයකට පසුව නිකුත් කරනු ලබන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.