ඉන්දියානු ආධාර යටතේ ඉදිවන නිවාස යෝජනා ක්‍රමය යටතේ පුස්සැල්ලාව හෙල්බොඩ වතුයාය ආශ්‍රිතව නව වතු නිවාස 100ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම පසුගියදා සිදුව තිබේ.
ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං, අමාත්‍ය පලනි තිගාම්බරම්, රාජ්‍ය අමාත්‍ය වී.එස්. රාධාක්‍රිෂ්ණන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03දා මුල්ගල් තැබීම සිදුව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් මන්ත්‍රීවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම පුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් හෙල්බොඩ වත්ත වතුයාය ආශ්‍රිතව ජීවත්වන 500කට අධික ජනතාවද මෙම අවස්ථාවට එක්ව තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුගියදා මධ්‍යම කඳුකරයට පැමිණි අවස්ථාවේ පොරොන්දු වූ පරිදි වතු නිවාස 10,000ක් ලබාදීමේ වැඩසටහන සිහිපත් කළ මහ කොමසාරිස්වරයා, මෙම වතුකරයේ ජීවත්වන ජනතාවගේ ජීවිත නඟාසිටුවීම සඳහා ඉන්දීය රජයේ කැපවීම දිගින් දිගටම ලබාදෙන බවද සඳහන් කර ඇත.