"පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය - 2018" කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (02දා) පෙරවරුවේ සිදුවිය.
ශ්‍රී ලාංකේය පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තය ජාතික හා අන්තර්ජාතික වශයෙන් ප්‍රචලිත කිරීමේ සහ අපනයන හැකියාවන් ඇති නිර්මාණශීලි දක්ෂ නිපැයුම්කරුවන් හදුනාගනිමින් ඔවුන් අපනයනය කරා යොමු කිරීමේ අරමුණින් පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය, කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව මෙම ප්‍රදර්ශනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන බව කියැවේ.
10 වැනි වරටත් සංවිධානය කළ මෙවර ප්‍රදර්ශනය සදහා දිවයිනේ සියලූම ප්රමුඛ පෙළේ පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන් සහභාගී වී සිටින අතර, ප්‍රදර්ශනය කුටි 230 කින් සමන්විත මෙවර ප්‍රදර්ශනයේදී නවීන විලාසිතාවලට සරිලන පරිදි නිෂ්පාදනය කරන ලද අපනයන තත්ත්වයේ පාවහන් හා සම්භාණ්ඩ ජනතාවට පහසු මිලට ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බවද සඳහන් වේ.
මීට අමතරව මෙවර ප්‍රදර්ශනයට ඉන්දියානු, පකිස්තානු සහ චීන, අමුද්‍රව්‍ය යන්ත්‍රෝපකරණ හා උපාංග සැපයුම්කරුවන් රැසක් සහභාගී වී සිටින අතර දේශීය සම්භාණ්ඩ නිෂ්පාදකයන්ට අවශ්‍ය වන අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ, උපාංග සහ නව තාක්ෂණික මෙවලම් ද මෙහිදී පහසු මිලට ලබා ගත හැකිවනු ඇති බවද කියයි.
අද සිට 04 වැනිදා දක්වා පැවැත්වෙන ප්‍රදර්ශනය පෙ.ව 10.00 සිට ප.ව 9.00 දක්වා මහජනතාවට විවෘතය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක, ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී.ජී. නිමලසිරි, ප්‍රදර්ශන කමිටුවේ සභාපති රංජිත් හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුථ පිරිසක් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව තිබුණි.