2020 වන විට ලෝකයේ සපත්තු හා සම්භාණ්ඩ වෙළෙඳ පොළ ඇ.ඩො.බිලියන 600ක් හෙවත්, රු.බිලියන 90,000/- ක් ඉක්මවා ගොස් ගෝලීය වෙළෙඳ පොළ පුළුල්වීම නිසා ශ්‍රී ලංකාවේ සපත්තු හා සම්භාණ්ඩවලට 2020 දී ඉතා හොඳ අපනයන වෙළෙද පොළක් හිමිවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ නිසා ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතු බවයි.
පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති “ සම්භාණ්ඩ හා පාවහන් නිෂ්පාදන ප්‍රදර්ශනය“ නිමිති කරගනිමින් අමාත්‍යවරයා මෙම අදහස් දක්වා තිබේ.
මෙම ප්‍රදර්ශනයට ඉන්දියාව, පකිස්ථානය, චීනය හා ශ්‍රි ලංකාව ඇතුළු රටවල් කිහිපයක් එක්ව සිටි අතර, එය ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය සංවිධානය කර තිබුණි. මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සහයෝගය ලබාදී ඇත. මෙම ප්‍රදර්ශනය මුලින්ම ආරම්භ වන්නේ 2007 වසරේදීය. මෙවර පවත්වා තිබුණේ 10 වැනි ප්‍රදර්ශනයයි. පසුගිය 2017 වසරේදී ශ්‍රී ලංකාව පාවහන් හා සම්භාණ්ඩ අපනයනයෙන් රු.මිලියන 18,480 ක හෙවත් රු.කෝටි 1,848 ක ආදායමක් උපයා ඇත.