ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධ ද්වීපාර්ශ්වික සමුද්‍රික රෝපන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මාලදිවයින් රජය කැමැත්ත පළකොට ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ලොව ඉහළ මිලක් හා ඉල්ලුමක් සහිත මුහුදු කැකිරි නම් මත්ස්‍යයින් මෙරට මන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වගාකොට අපනයනය කිරීම එම ව්‍යාපෘතිය යටතේ සිදුකිරීමට යෝජිතය.
මේ පිළිබඳ කරුණු හෙළිදරව් වූයේ, මාලදිවයින් මුදල් හා භාණ්ඩාගාර අමාත්‍ය අබ්දුල්ලා ජිහාඩ් මහතා හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අතර පැවති ද්වීපාර්ශ්වීය සාකච්ඡාවකදීය.
පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාව සඳහා මාලදිවයින් නිවාස හා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් හායිස් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසක්ද සහභාගී වූහ.