ප්රකට මාර්ස් චොක්ලට් නිෂ්පාදන වෙළෙඳ පොළෙන් ඉවත් කර ගැනීමට එහි නිෂ්පාදකයන් වන ඇමෙරිකානු සමාගමක් පියවර ගෙන තිබේ.
ඒ අනුව, රටවල් 55ක වෙළෙඳ පොළ රාක්කවලින් මාර්ස් චොක්ලට් ඉවත් කරගෙන ඇති අතර, එසේ ඉවත්කර ගත් රටවල් අතර ශ්රී ලංකාවත් වන බව බී.බී.සී.ය කියයි.
මාර්ස් චොක්ලට් පෙත්තක් තුළ ප්ලාස්ටික් කැබැල්ලක් හමුවිමත් සමග එම සමාගම මෙම පියවර ගෙන ඇති අතර, එය ජර්මනියේ පාරිභෝගිකයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකර තිබේ.
නෙදර්ලන්තයේ කර්මාන්ත ශාලාවකදී නිෂ්පාදනය කළ චොක්ලට් තොගයක එසේ අපවිත්ර වූ චොක්ලට් පැවත ඇති බවත් බී.බී.සී.ය වැඩිදුරටත් පවසයි.