ශ්‍රී ලංකාවේ ගංවතුර සහ නායයෑමෙන් විපතට පත් ජනතාවට මානුෂීය සහන සැපයීමේ වැඩසටහනට නෝර්වේ රජය නොක් මිලියන 10ක (රු.මිලියන 180ක පමණ) මුදලක් ලබාදෙන බව එරට විදේශ ඇමති බර්ගේ බ්රෙන්ඩ නිවේදනය කර තිබේ.
මෙම ආධාර ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හරහා මෙරටට ලැබෙනු ඇති බවත් පැවසෙයි.
රතු කුරුස සංවිධානය මගින් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවලට ජලය සහ සනීපාරක්ෂාව සලසා දීමටත්, ළිං පිරිසුදු කිරීමටත්, විපතට පත්වූවන්ට ජන ජීවිතය නැවත ඇරඹීමටත් අත්‍යවශ්‍ය මූලික දේ ලබාදීමටත් මෙම ආධාර යෙදවෙනු ඇති බවද කියයි.