2013 නොවැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 6.9ක් බවත්, වාණිජ බැංකුවල විදේශ වත්කම් ඇතුළත් මුළු විදේශීය සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 8.3ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, 2013 වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 7.2ක් ලෙස ඇස්තමේන්තු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආනයනික මාස වශයෙන් සැලකීමේදී දළ නිල සංචිත ප්‍රමාණය 2013 වසරේ නොවැම්බර් මස අවසානයේදී ආනයනික මාස 4.5කට සමාන වන බවත්, මුළු විදේශීය සංචිත ප්‍රමාණය ආනයනික මාස 5.4කට සමාන බවත්ය.
ඇ.ඩො.මිලියන 1,201ක විදේශීය ණය සේවාකරණ ගෙවීම් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්ථ ණය පහසුකම සඳහා වූ ඇ.ඩො.මිලියන 421ක ණය ආපසු ගෙවීම් හමුවේ වුවද, 2013 වසරේ පළමු මාස එකොළහ තුළදී සංචිත ප්‍රමාණවත් මට්ටමක පවත්වාගෙන යෑමට හැකිවීම සැලකිය යුතු තත්ත්වයක් බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.