ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට නීතිවිරෝධී ලෙස සංචාරය කිරීම් වැළැක්වීමේ රජයේ වැඩපිළිවෙලට සහාය දක්වමින්, 2015 වසරේ ව්‍යාජ සංචාරක ලියකියවිලි මත සංචාරය කිරීමට තැත්කළ පුද්ගලයන් 230 හසුකර ගැනීමට කටයුතු කර ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ (BIA) බලධාරීන් වන ශ්‍රී ලංකා පොලීසිය සහ රේගු සහ ආගමන අංශ සමග එකතුව මේ සඳහා කටයුතු කරනු ලබන බවද පෙන්වාදෙයි. ගුවන් සමාගම සතුව විශේෂයෙන් පුහුණු කරනලද ලියකියවිලි පරීක්ෂා කරන කණ්ඩායමක් සිටින අතර, මොවුන් විදේශ තානාපති කාර්යාල හරහා ව්‍යාජ සංචාරක ලියකියවිලි හඳුනාගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලබා ඇති බවද පෙන්වාදෙයි.
ගුවන් සමාගමේ ආරක්ෂක අංශය විසින් පසුගිය සතියේද මෙවැනි හඳුනාගැනීම් කිහිපයක් සිදුකර ඇත. සංවිධානාත්මක අපරාධයක් වන මිනිස් ජාවාරම අවම කිරීමට සහ තුරන් කිරීමට හැකි උපරිම ලෙස මොවුන් කටයුතු කරනු ඇත.
අව්‍යාජ ලියකියවිලි යටතේ රටකින් රටකට මගීන් සංචාරය කරන්නේ දැයි සහතික කිරීමට ගුවන් සේවා සඳහා ජාත්‍යන්තර නීතිය යටතේ බලය පවරා ඇත. මෙය ගුවන් ක්ෂේත්රයේ ගෝලීයව පාලනය කරන අංශ වන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (International Civil Aviation Organisation) (ICAO) මගින් අත්‍යවශ්‍ය කරුණක් ලෙස සළකා ඇති බවද පෙන්වාදෙයි.
ගුවන් මගියෙකු ව්‍යාජ වීසා හෝ ව්‍යාජ ගුවන් බලපත්‍රයක් හරහා ගුවන්ගත වීමෙන් විදේශ රාජ්‍යයන් මගින් විශාල දඩයක් ගුවන් සේවා සඳහා පනවනු ලැබේ. මේ සඳහා ආගමන බලධාරීන් විසින් ගමනාන්තය කරා පැමිණෙන රටින් අවසර ලබාදුන්නේද යන්න නොසළකයි. මේ සඳහා එක් මගියෙකු වෙනුවෙන් ගුවන් සමාගමට යුරෝ 5,500 (රු.873,000) මුදලක් යුරෝපීය රටවල් සඳහා ගෙවීමට සිදුවේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට රු.මිලියන 130ක් වූ දඩ මුදලින් නිදහස් වී ඇත්තේ මෙවැනි හඳුනාගැනීම් 230ක් පසුගිය වසර තුළ සිදුකිරීමෙනි. මෙවැනි ව්‍යාජ ලෙස සංචාරය කළ පුද්ගලයන් නැවත ආපසු සිය රටට ගෙන ඒමට යන වියදම, විදේශ ගුවන් තොටුපළවල පරීක්ෂා කිරීමේ කාමර ගාස්තුව සහ පරීක්ෂණ වියදම්වලට අමතරව මෙම දඩය ගුවන් සමාගමට දැරිය යුතු වේ.
කෙසේ වෙතත්, මෙසේ නීතිවිරෝධි ලෙස සංචාරය කරන්නන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට අනෙකුත් ගුවන් සේවා හරහා සංචාරය කිරිමට තැත් කළත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය විසින් එවැනි මගීන් හඳුනාගැනීමට විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබන බවත්, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සියලුම ගුවන් යානා සඳහා ගුවන් තොටුපළ සේවා සපයන්නා වශයෙන් ශ්‍රී ලංකන් සිය කාර්යභාරය මෙසේ ඉටුකරන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙයි.