'නිෂ්පාදන සහ ඉංජිනේරු ආයතන සඳහා ඵලදායිතා වර්ධන ශිල්පීය ක්රම' මැයෙන් එක් දින වැඩමුළුවක් 2015 අගෝස්තු 21 සිකුරාදා පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩල ශ්රවණාගාරයේදී 4 වැනි මහල, නො.450, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසයි.
මෙම වැඩමුළුව සඳහා කළමනාකාර අධ්යක්ෂකවරුන්, ප්රධාන විධායක නිලධාරීන්, ඉංජිනේරුවන්, ආයතන ප්රධානීන්, නිෂ්පාදනය සහ ඉංජිනේරු ක්රියාවලිය තුළ නියුතු කළමනාකරුවන් සහ අධීක්ෂණ නිලධාරීන්, නිෂ්පාදන ආයතනවල නියුතු කළමනාකරණ ගණකාධිකාරීවරුන්, මානව සම්පත් නිලධාරීන් සහ අධීක්ෂණ නිලධාරීන් මෙන්ම මේ සඳහා උනන්දුවක් හා කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැකි බවද ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසයි.