ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා කත්මණ්ඩු නුවර පිහිටි සාර්ක් කලාපීය වෙළෙඳ ප්‍රවර්ධන ආයතනය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන 'නිර්බාධා වෙළඳාම පිළිබද වැඩමුළුව' 2 වැනි අදියර 11දා පෙ.ව. 9.00ට කොළඹ රේණුකා හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබේ. විශේෂයෙන්ම සාර්ක්කලාපීය නිර්බාධා වෙළෙඳාම, යහපත් මට්ටමින් පවත්වාගෙන යාහැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙම වැඩමුළුව ක්‍රියාත්මක වෙයි. එහිදී මෙම වැඩසටහන් මාලාව සතුප්රායෝගික වෙළෙඳ ප්‍රවර්ධන වැඩමුළු මගින් ව්යවසායකප්රජාව දැනුවත් කිරීම ප්‍රධාන අංගයක් වේ.
ශ්‍රී ලාංකේය ව්‍යවසායක ප්‍රජාව වෙත ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබද මූලික ප්‍රවේශය වශයෙන් කලාපීය රටවල් අතර ද්වීපාර්ශවීය වෙළෙඳ කටයුතු පිළිබඳ පුහුණුවක් ලබාදීම සඳහාමෙම 'නිර්බාධා වෙළඳාම පිළිබද වැඩමුළුව' පැවැත්වීමත් කැපී පෙනෙයි. එහිදී මූලිකවම ශ්‍රී ලාංකීය ව්‍යවසායක ප්‍රජාවට තම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ස්ථාවර ඉඩක් නිර්මාණය කරගැනීමේදී ඇති විය හැකි බාධා සහ එවැනි බාධක ජයගෙන තම ඉලක්ක සපුරා ගන්නා ආකාරය පිළිබඳව කරුණු පහදාදීම සඳහාදෙස් විදෙස් ආර්ථික විශේෂඥයන් රැසක්ද මේ සඳහා සහභාගී වීමට නියමිත වේ.