පෙබරවාරි මස 04දාට යෙදී ඇති 70 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල් දහසක වටිනාකමින් යුතු සමරු මුදල් නෝට්ටුව අද (02දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.
මෙය මහබැංකුව විසින් නිකුත් කළ සිව්වැනි සමරු නෝට්ටුවයි.
සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප්රමුඛ වර්ණය හා ආරක්ෂණ සලකුණ දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රු 1000/- ක වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවට සමාන වන අතර, මෙහි වම් පස පහළ කොළවරේ සමනල රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ ලාංඡනය හා 70 වැනි නිදහස සැමරීමේ ලාංඡනය යෙදා ඇත. 11 වැනි කාණ්ඩයේ 1000 නෝට්ටුවේ මැද ඇති රම්බොඩ උමගේ ඡායාරූපය වෙනුවට පන්සල, පල්ලිය, කෝවිල සහ දේවස්ථානය දැක්වෙන රූප යෙදීම පමණක් සිදුකර තිබේ.
මෙම සමරු මුදල් නෝට්ටුව 2018-02-06 වනදා සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරනු ලබන බව මහ බැංකුව පවසයි.
මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි දීපා සෙනෙවිරත්න, මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව තිබුණි.