“නැණසල දහස” ව්‍යාපෘතිය සම්පූර්ණ කරමින් දහස් වැනි නැණසල මධ්‍යස්ථානය ගලිගමුව බිසෝවෙල රජමහා විහාරස්ථානයේදී දෙසැම්බර් මස 26 වැනිදා පෙරවරුවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව “නැණසල දහස ව්‍යාපෘතිය”ආරම්භ කෙරිණි.
ජනාධිපතිවරයා එවකට අගමැතිවරයා ලෙස කටයුතු කරද්දී 2005 වසරේ ජනවාරි 1දා ඓතිහාසික කතරගම කිරි වෙහෙරෙදී ප්‍රථම නැණසල මධ්‍යස්ථානය විවෘත කරමින් මෙම නැණසල දහස ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණි.