නව මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්වීම් ලබා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ නිර්දේශය මත මෙම පත්කිරීම සිදුකර ඇති අතර, ඊයේ (23දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලබාගෙන තිබේ.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා වසර 30ක් පුරා ජාතික සහ ජාත්‍යන්තර තලයේ පෞද්ගලික සහ පොදු මූල්‍ය සමාගම් සහ සංවිධාන රැසක වගකීම් රැසක් දැරූවෙකු වෙයි.
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් දේශපාලන ආර්ථික සහ දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකු වන ඔහු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරූ 2004-2005 යුගයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළේය.
ඩුබායි පදනම් කරගත් එමිරේට්ස් එන්.ඩී.බී මූල්‍ය කළමනාකරණ ආයතනයේ ප්‍රධාන ආයෝජන නිලධාරියා ලෙස ඔහු මේ වන තෙක් සේවය කරමින් සිටියේය.