ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොවූ පරිදි ජනාධිපතිවරයාගෙන්ද බදු අය කරන ප්‍රතිපත්තියක් ආරම්භ කිරීමට නියමිත පසුබිම යටතේ කිසිදු පාර්ශ්වයකට විශේෂ සැලකිලි හෝ සහන අක්රමික අයුරින් නව බදු පනත මගින් හිමි නොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
මෙහිදී, බදු ක්‍රමය සරල කර විවිධ ක්ෂේත්‍ර අනුව වෙන් වෙන් වශයෙන් ලබාදී තිබූ බදු සහන අහෝසි කර සියලුම පුරවැසියන් සමාන ලෙස සලකා ඔවුන්ගේ ආදායම් මට්ටම අනුව බදු අය කිරීමට ඇති ක්‍රමවේදයක් මෙම නව බදු පනත මගින් හඳුන්වා දී ඇති බවත් පෙන්වා දෙයි.
ඒ අනුව, මින් ඉදිරියට බදු අය කරනු ලබන්නේත්, බදු සහන හිමි වන්නේත් පුරවැසියන්ගේ සමාජ මට්ටම හෝ වෘත්තීය ක්ෂේත්රය අනුව නොව ඔවුන්ගෙන් සිදු කරනු ලබන ආර්ථික ක්‍රියාකාරීත්වය හරහා ඔවුන් ලබන ආදායම හා ලාභය පදනම් කරගෙන බවට මෙම නව පනත හරහා රාජ්‍ය ප්‍රතිපත්තිය යහපාලන මූලධර්මවලට අනුකූලව සකස් කර තිබීම විශේෂ ලක්ෂණයක් බවත් මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.