ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් මෙහෙයවූ නව දේශීය ආදායම් පනත පිළිබඳ සම්මන්ත්‍රණය පසුගිය සැප්තැම්බර් 12දා එම මණ්ඩල ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වා තිබේ.
මෙහි ප්‍රධාන සම්පත්දායකයන් ලෙස මුදල් අමාත්‍යංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා, අර්නස්ට් ඇන්ඩ් යංග් විගණන සමාගමේ හවුල්කරුවන් වන දුමින්ද හුලංගමුව සහ නිස්තාර් සුලෙයිමාන්, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති සුජීව සමරවීර, දෙශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් අයිවන් දිසානායක සහ කේ.පී.එම්.ජී. විගණන සමාගමේ ප්‍රධාන හවුල්කරු සුරේෂ් පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගී වූ බව එම මණ්ඩලය පවසයි.
එමෙන්ම, පිළිගත් ආයතන කිහිපයක විද්වතුන්, විද්වත් සභිකයන් ලෙස මීට සහභාගී වූ බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය වැඩිදුරටත් පවසයි.