ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා අතර හමුවක් ඊයේ (06දා) ඉන්දියාවේදී සිදුව තිබේ.
විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව සිය ප්‍රථම රාජාතාන්ත්‍රික සංචාරයට එක්වෙමින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණි රවි කරුණානායක මහතා ඊයේ සවස් වරුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නිල නිවසේදී නරේන්ද්‍ර මෝදි මහතා හමුවූ බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.