ව්‍යාපාර ලෝකයේ දැවැන්තයෙකු ලෙස ප්‍රකට නිමල් පෙරේරා කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් ව්‍යාපාරවල අධ්යක්ෂ මණ්ඩලවලින් ඉවත්වීමත් සමග ඊයේ (08දා) ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළ දැඩි කසුකුසුවක් ඇති විය.
කොටස් වෙළෙඳ පොළ වෙත ඊයේ දිනයේදී සිය ඉල්ලා අස්වීම් නිමල් පෙරේරා විසින් දැනුම්දී ඇති අතර, ඒ අනුව ඔහු රෝයල් සෙරමික්ස්, අමායා ලෙෂර්, ද කිංග්ස්බරි, හෙයික්රැබ්, හේලීස් සහ තලවකැලේ ටී එස්ටේට් ආදී ධම්මික පෙරේරාට අයත් සියලුම සමාගම්වලින් මාර්තු 7 වැනිදා සිට ඉල්ලා අස්වී තිබේ.
මෙම ව්‍යාපාරික දෙපළ යුද්ධය අවසන්වීමෙන් පසුව මෙරට වඩාත් සාර්ථක ව්‍යාපාරික දෙපළක් බවට පත්වූ අතර, ඔවුන්ගේ සුසංයෝගයෙන් සුවිශේෂී ව්‍යාපාරික ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබුණි.
සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිමල් පෙරේරා පවසා තිබුණේ, තමන් ධම්මික හා වසර 14 - 15ක පමණ කාලයක් කටයුතු කළ බවයි. දැන් තමන්ට තනිවම ගමනක් යෑමට කාලය එළැඹ ඇති බවත්, තම පුතුන් දෙදෙනා සමග තමාගේම දෙයක් ආරම්භ කිරීමේ උවමනාව පවතින බවත් හෙතෙම පවසා තිබේ.