ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්තය මණ්ඩල සම්මේලනය හා මෙරට ප්‍රංශ තානාපති කාර්යාලය ඒකාබද්ධව පවත්වනු ලැබූ දේශගුණික විපර්යාස හා ආපදා කළමනාකරණ සම්මන්ත්‍රණය කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී සාර්ථකව නිමාවට පත්විය.
ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රංශ තානාපති ජින් මරින් ෂෝ, ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් එස්.එස්.මියනවිල යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලන සභාපති අජිත් චත්තුහේවා, කාලගුණ විද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් එල්. චන්ද්‍රපාල, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් රැසක් සහභාගී වූහ.