ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන දේශගුණික විපර්යාස හා ආපදා කළමණාකරණය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව හා විෂය ක්ෂේත්‍ර ප්‍රවීණයන් දැනුම්වත් කිරීමේ මහා සම්මන්ත්‍රණය හෙට (13දා) කොළඹ ගාලුමුවදොර හෝටලයේදී ආපදා කළමනාකරණය පිළිබඳ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රංශ තානාපති ජින් මරින් ෂෝ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් ආරම්භ වීමට නියමිතය.
කාලීන ලෝකයේ විශේෂ අවධානයට ලක් වූ විෂය ක්ෂේත්රයක් ලෙස කාලගුණික විපර්යාස හා ආපදා කළමණාකරණය පිළිබඳ යාවත්කාලීන කරුණු කාරණා පිළිබඳව ගැඹුරින් සාකච්ඡාවට භාජනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ. විශේෂයෙන් අනවබෝධය හේතුවෙන් සිදුවන විශාල විනාශකාරී තත්ත්වයන් අවමකර ගනිමින්, ඇති වන ආපදා තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසන මෙම සම්මන්ත්‍රණය කාලීන අවශ්‍යතාව මත සංවිධානය කරනු ලැබූවක් බව ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පවසයි.