වසර 10ක් පුරා අත්කර ගත් වර්ධනය තවදුරටත් වේගවත් කිරීමේ අරමුණින් දෙරණ නාලිකාවෙහි දෙරණ රූපවාහිනිය, දෙරණ ගුවන්විදුලිය හා දෙරණ මැක්රොමීඩියා යන සමාගම් සියල්ලෙහි සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ ධුරවලට දිලිත් ජයවීර මහතා පත්කොට තිබේ.
මෙම පත්කිරීමත් සමග ලක්සිරි වික්‍රමගේ මහතා නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුරු හොබවනු ඇති අතර, විධායක අධ්යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුරු මාධව මඩවල මහතා විසින් හොබවනු ඇත.
1993 වසරේදී ට්‍රයඩ් නමැති මෙරට ප්රමුඛ පෙළේ දේශීය දැන්වීම්කරණ සමාගම ස්ථාපිත කිරීමට සම පුරෝගාමීත්වයක් දැක්වූ දිලිත් ජයවීර මහතා, ඒ තුළින් මාධ්‍ය ක්ෂේත්රය හා සම්බන්ධ විය.
එතැන් පටන් සිට්ට්රස් ලෙෂර් පීඑල්සී, ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම වැනි සමාගම් සිය ව්‍යාපාර ජාලයට එක්කර ගැනීමට ඔහු කටයුතු කර තිබුණි.
ඔහු මේ වනවිට මාධ්‍ය, සන්නිවේදන, සංචාරක සහ විවේක, අපනයන, ඖෂධ, රූපලාවන්‍ය නිෂ්පාදන මෙන්ම දේපළ වෙළෙඳාම් ආදී වූ ව්‍යාපාර ක්ෂේත්‍ර රැසකට සිය ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කර ඇති අතර, එම සමාගම් සමූහයේ 3,500කට ආසන්න පිරිසක් රැකියාවේ නියුක්තව සිටී.