ශ්‍රී ලංකාවේ දුම්රිය ක්ෂේත්රය සංවර්ධනය කිරීම සඳහා ඇ.ඩො.මිලියන 318ක (රු.මි.48,000ක පමණ) ණය වැඩසටහනක් සඳහා ඉන්දියාව සමග ගිවිසුම්ගත වීම අද (06දා) සිදුව තිබේ.
2015 මාර්තු මාසයේදී ඉන්දීය අගමැතිවරයා මුලින්ම ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී මේ සඳහා එකඟත්වය පළ කර තිබූ අතර, ඒ අනුව, මුදල් අමාත්‍යාංශයේදී මෙම ගිවිසුම්ට අත්සන් කිරීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග සහ ඉන්දීය එක්සිම් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ ඩේවිඩ් රස්කුයින්හා යන මහත්වරුන් විසින් සිදුකර තිබේ.