ඇපකරුවන් නොමැතිව වාර්ෂික 4% ක විශේෂ සහනදායී පොලී අනුපාතයක් යටතේ රු.50,000/- ක් දක්වා උපරිමයකට යටත්ව ලබාදෙන දිවි නැගුම සහන අරුණ යෝජනා ක්‍රමය සැප්තැම්බර් 01වැනිදා ඇරඹෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මෙම විශේෂ යෝජනා ක්‍රමය සඳහා දිවයිනේ ග්‍රාමසේවා වසම් 14,022ක පිහිටි ගම්මාන 35,440ක ජීවත්වන දිවි නැගුම සංවර්ධන ප්‍රතිලාභී පවුල් 15ලක්ෂයක් ඇතුළු දිවි නැගුම ජාතික වැඩසටහනේ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 50ක් සුදුසුකම් ලබති. ප්‍රතිලාභීන්ගේ පාරිභෝගික අවශ්‍යතාවයන් සඳහා ණය අයදුම්පත් ලබාදුන් දිනයේදීම මුදල් ලබාගත හැකි අතර අනෙකුත් අවශ්‍යතා සඳහා අයදුම්පත ලැබී තෙදිනක් ඇතුළත මුදල් ලබාගත හැකිවීම මෙහි විශේෂත්වයකි.
දිවයින පුරා පිහිටි දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිවි නැගුම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු 1,073ක් මගින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ප්‍රතිලාභීන් වෙත ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා රු.5,000/- සිට 50,000/- දක්වා සහන පොලී ණය ලබාදීම සිදු කෙරෙන බව පැවසෙයි.