ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දිවි නැගුම ජාතික ජාතික වැඩසටහන යටතේ දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක ආවරණය කරමින් ලබාදුන් මිටි මුරුංගා පැළ දශලක්ෂයකට ආසන්න කොටසක අස්වනු නෙලීම දැන් ආරම්භ වී ඇති බවත්, ඉන් ඉහළම අස්වැන්නක් ලැබී ඇති බවත් එම අමාත්‍යාංශය පවසයි.
එහිදී, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 2012 අවසාන භාගයේදී සිටුවන ලද මිටි මුරුංගා ගසින් ලැබී ඇති ඵලදාව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යාංශ භූමියේදී ඊයේ (29දා) නිරීක්ෂණයට ලක්කරන ලදී.