දිවි නැගුම වැඩසටහන එක් අමාත්‍යංශයක ක්‍රියාවක් නොවන බවත්, එය රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ රාජ්‍ය නොවන ආයතනද එක්ව ක්‍රියාත්මක කරන ජාතික ව්‍යාපාරයක් බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.
දිවි නැගුම ජාතික ව්‍යාපාරය සාර්ථක කරගැනීම සඳහා සෑමදෙනාගේ සහාය අත්‍යවශ්‍ය බව පෙන්වා දෙමින් අමාත්‍යරයා මෙසේ අදහස් දක්වා සිටියේ, දිවි නැගුම 6 වැනි අදියර ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර සැලසුම් අධ්යක්ෂවරු, කෘෂිකර්ම අධ්‍යක්ෂකවරු සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා පැවති වැඩසටහනක් අමතමිනි.
"එදා ඉඳලා ජනතාව පුරුදු පුහුණු වුණු සාම්ප්‍රදායික වැඩසටහන් තිබුණත් ජනතාව ඒවායින් ඈත් වෙමින් තිබුණා. තමුන්ගේ එදිනෙදා අවශ්‍යතා පිරිමසා ගැනීමට තමන්ට අවශ්‍ය කුඩා දේවල් පවා සොයා ගැනීමට හැකියාව තිබියදීත් ඒවා මිලදී ගැනීමට පුරුදුව තිබූ ක්‍රමවේදයක් තිබුණා. ඒ නිසා මේ ක්‍රමවේද තරමක් හෝ වෙනස් කිරීමට අවශ්‍යයි කියා සිතමින් අප දිවි නැගුම ජාතික ව්‍යාපාරය ආරම්භ කළා.
එහිදී, අපි බලාපොරොත්තු වුණේ ගෙවතු වගා වැඩසටහනට රජයේ මැදිහත්වීමකින් දිරිගැන්වීමක් කරන අතර, එය ජනතාව විසින් ඉෂ්ඨ කරන වැඩපිළිවෙළක් බවට පත් කිරීමටයි. විශේෂයෙන්ම දිවි නැගුම ගෘහ ආර්ථික ඒකක නඟාසිටුවීමේ වැඩසටහන එක ආයතනයකට අයිති දෙයක් නොවෙයි. මෙය අමාත්‍යංශ ගණනාවක්, දෙපාර්තමේන්තු ගණනාවක් සම්බන්ධවෙලා වගේම, පෞද්ගලික අංශත් එකතු වෙලා කරන වැඩසටහනක්." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.