දින සියයෙන් රටේ ආර්ථිකය ගොඩනැංවීමට තමන් සූදානම් බවත්, ඒ සඳහා දක්ෂ නිලධාරීන් පිරිසක් සමග එම අභියෝගයට මුහුණදෙන බවත් එ.ජා.ප. උප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවස සිටියේය.
පසුගියදා තොටළඟ එ.ජා.ප. කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. එම උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවි කරුණානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ,
"ජනතාව පීඩාවට පත්කිරීමේ අනවශ්‍ය බදු පැනවීම්වලට මම තරයේ විරෝධය පළ කරනවා. මේ වනවිට රත්රන් සඳහා පනවා ඇති 15% බදු පැනවීම අනවශ්‍ය දෙයක් බව මගේ හැඟීමයි. ආණ්ඩු වෙනස් වුණාට, දේශපාලඥයන් පිටුපස යන නිලධාරීන් වෙනස් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ආර්ථික ව්‍යාකූල තත්ත්වයන්ට රට මුහුණ දෙමින් පවතිනවා. අද රටේ ආර්ථිකය ගැන ජනතාව විවිධ අදහස් මතුකර තිබෙනවා. දක්ෂතා ඇති පුද්ගලයන් සඳහා නිසි තැනක් නොලැබීම නිසා මේ තත්ත්වය උත්සන්න වෙලා. කෙසේ වෙතත් දින සියයෙන් රටේ ආර්ථිකය ගොඩනැංවීමට මා සූදානම්. ඒ සඳහා දක්ෂ නිලධාරීන් පිරිසක් සමග එම අභියෝගයට මුහුණදීමටත් මා සූදානම්" යැයි පවසා සිටියේය.