කොළඹ වාණිජ මණ්ඩලය මගින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ජාත්‍යන්තර ප්‍ර‘වේශය උදෙසා පසුබිම සකස් කිරීම අරමුණ කරගනිමින් සංවිධානය කළ, ඔස්ට්‍රේලියානු වෙළෙඳ දූත මණ්ඩල සංචාරය තුළින් දැවැන්ත ආයෝජන රැසක් මෙරට ලබාගැනීම සඳහා පසුබිම නිර්මාණය කරගැනීමට සමත් වූ බව පවසයි.
පසුගිය 05 වැනිදා සිට 20 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හා බ්‍රිස්බේන් නගර කේන්ද්‍ර කර පැවැති මෙම වෙළෙඳ දූත මණ්ඩල සංචාරය සඳහා, කොළඹ වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් ව්‍යාපාරිකයන් 15 දෙනෙකුගෙන් යුතු වූ කණ්ඩායමක් සහභාගී වී තිබේ. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ හා කොළඹ වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතාගේ මෙහෙයවීමෙන් සිදුකර තිබූ මෙම සංචාරය, ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ද්විපාර්ශ්වික සබඳතා අරම්භ කිරීමෙන් පසු සිදුකළ සාර්ථකම වෙළෙඳ දූත මණ්ඩල සංචාරය ලෙස එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ගේ හා දේශපාලඥයන්ගේ විශේෂ අවධානයට ලක්වූ බවද එම මණ්ඩලය පවසයි.