මෙවර වෙසක් උත්සව සමය නිමිති කොටගෙන 2018.04.26 වැනි දින සිට 2018.05.02 වැනි දින දක්වා දඹුල්ල රාජ මහා විහාරයේ සිට සැතපුමක අරය ඇතුළත පිහිටි සියලුම මත්පැන් අලෙවි සැල් වසා තැබීම සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් අනුමත කොට තිබේ.
1970 වන්දනා ගමන් ආඥා පණත යටතේ සම්පාදිත දඹුළු රාජ මහා විහාරයේ වෙසක් පොසොන් වන්දනා ගමන් පිළිබඳ නියෝගය යටතේ දඹුල්ල වෙසක් පොසොන් උත්සව කමිටුව විසින් කරන ලද යෝජනා සම්මතයක් පරිදි දඹුල්ල ප්රාදේශීය ලේකම් විසින් නියම කරන ලද ඉල්ලීමකට අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් ඉහත අනුමැතිය ලබා දී ඇත.