රජය විසින් 2017-2020 කාලපරිඡ්චේදය තුළදී අපනයනකරුවන් 2,000 ස්ථාපිත කිරීම සඳහා දියත්කර ඇති ජාතික වැඩසටහන පිළිබඳව ව්‍යවසායකයන් දැනුවත් කිරීම සඳහා පළාත් මට්ටමෙන් සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කරයි.
ඒ අනුව, පළාත් මට්ටමෙන් පවත්වන තෙවැනි සම්මන්ත්‍රණය 2018 මැයි මස 11 වැනි සිකුරාදා පෙ.ව. 9 .00 ට මාතර සනායා මැන්ෂන් හෝටලයේදී ආරම්භ වෙයි.
මෙම ජාතික වැඩසටහන සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවීර, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමණාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, දකුණු පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී සහ ප්‍රධාන විධායිකා ඉන්දිරා මල්වත්ත යන මහත්ම මහත්මීන් සහ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීන් සහභාගීවීමට නියමිතය.