දකුණු ආසියානු ආයෝජන සමුළුව ඉතා උත්කර්ෂවත් අන්දමින් හෙට (27දා) වැනිදා කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්වීමට නියමිත බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.
මෙහිදී වඩාත් විධිමත් හා සුරක්ෂිත ප්‍රාග්ධන වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රමවේදයන් ස්ථාපනය කරලීම උදෙසා තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කරලීමේ අරමුණින් තාක්ෂණික හවුල්කරුවන් රැසකගේ දායකත්වය කැපී පෙනෙන බවද පෙන්වා දෙයි. සමාරම්භක උලෙළ සඳහා සහභාගී වන දකුණු ආසියානු ව්‍යාපාර වස්තු හුවමාරු සංගමයේ සභාපති අචාර්ය මුහම්මද් අබ්දුල් මසිඩ් හා එහි ලේකම් අෆ්ටාබ් අහමඩ් යන මහත්වරුන්ද මෙම තාක්ෂණික සැසිවාර සඳහා දෙසුම් පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාවේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරණාරත්න, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි සභාපති වජිර කුලතිලක යන මහත්වරුන් විසින් දෙසුම් පැවැත්වීමටද නියමිතය.