දකුණු ආසියානු උප කලාපීය ආර්ථික සහයෝගීතා සමුළුව ඊයේ (03දා) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ විය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඊට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින බවත්, සාක් කලාපයේ රටවල ආර්ථික කටයුතුවලට අදාළ කරුණු රැසක් මෙම සමුළුවේදී අවධානයට යොමු කිරීමට නියමිත බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම, කලාපයේ ආර්ථික සංවර්ධන කටයුතුවලදී එල්ල වන අභියෝග හා ඊට විසඳුම්ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති අතර, සමුළුව අතරතුර මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා අතර හමුවක්ද පැවැත්වුණු බව අමාත්‍යාංශය කියයි. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය තුළ වෙනස්කම් රැසක් සිදුවෙමින් පවතින බවත්, එය ඉතා ගුණාත්මක වාතාවරණයක් බවත් මලයාසියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.