2016 තෙවැනි කාර්තුව (ජූලි, අගෝස්තු, සැප්තැම්බර්) සදහා ස්ථාවර මිල (2010) ගණන් යටතේ ඇස්තමේන්තු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු.මිලියන 2,270,171ට ළඟාවෙමින් 2015 වර්ෂයේ තෙවැනි කාර්තුවේ වාර්තා වූ රු.මිලියන 2,181,275 ට සාපේක්ෂව 4.1% ක වර්ධනයක් අත්කර ගෙන තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙන පරිදි 2016 තෙවැනි කාර්තුවේදී ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකළ බදුපවත්නා මිල යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය පිළිවෙලින් 7.6% ක්, 30.5% ක්, 56.0% ක් සහ 5.9% ක් ලෙස වාර්තා වී තිබේ.