තෙල්, ගෑස් සහ ගුවන් සේවා සම්බන්ධ ආයෝජන පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් බහරේනයේ රාජකීය කුමරු, ෂෙයික් සල්මාන් බින් ඛලීෆා අල් ඛලීෆා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතර පසුගියදා මුදල් මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදුකිරීමට ඇති හැකියාව සහ ආයෝජන කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත්, මූල්‍ය ක්ෂේත්රයේ ආයෝජනයට ඇති අවස්ථා සේම ද්වීපාර්ශ්වික වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවූ බවද මුදල් අමාත්‍යාංශය පවසයි.