ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස තිලක් කරුණාරත්න මහතා අද (28දා) සිය ධුරයේ වැඩ භාරගත්තේය.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්විතීයක අධ්‍යාපනය හදාරා ඇති ඒ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකි. එසේම, ඔහු වරලත් රසායනඥයෙකි.
ඒ මහතා, මීට පෙරද 2011 දෙසැම්බර් මස සිට 2012 අගෝස්තු මාසය දක්වා විනිමය කොමිසමේ සභාපති ධුරය හොබවන ලදී.