ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස තිලක් කරුණාරත්න මහතා හෙට (28දා) වැඩ භාරගැනීමට නියමිත බව වාර්තා වෙයි.
නව රජය යටතේ විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වීම් ලබා ඇති තිලක් කරුණාරත්න මහතා 2012 වසරේදීද ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.