තිරසාර සංවර්ධනය පිළිබඳ සමුළුව 07දා
තිරසාර සංවර්ධනය උදෙසා වන ප්‍රාන්ත රාජ්‍යන්ගේ එකමුතු ජාලයෙ හි 13 වැනි වාර්ෂික සමුළුව හා දේශගුණික විපර්යාසයන් අවම කිරීමට අදාළ ජාත්‍යන්තර මහා සමුළුව සැප්තැම්බර් මස 07 සිට 09 වැනිදා දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.
සිකුරාදා (04) බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේ පැවති සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග කර්මාන්ත, පරිසර හා සංස්කෘතික කලලා කටයුතු අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා මේ බව පැවසීය.
13 වැනි මහා වාර්ෂික සමුළුව සැප්තැම්බර් 07 වැනි දින සිදුකෙරෙන අතර, දේශගුණික විපර්යාස අවම කිරීම හා අනුගත වීමට අදාළ ජාත්‍යන්තර මහා සමුළුව සැප්තැම්බර් 08 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී සැප්තැම්බර් 09 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි අතර බස්නාහිර පළාත් සභාව විසින් සියලුම සංවිධාන කටයුතු සිදු කරනු ලැබේ. මේ සඳහා අප්‍රිකානු, ඇමරිකානු, යුරෝපීය, ආසියානු සහ ආසියා පැසිෆික් කලාපීය රටවල් 37ක සාමාජිකයන් සහභාගී වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
