ඇ.ඩො.මිලියන 500ක් වන තායිලන්ත - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළෙඳාම වර්ෂ 2020 වනවිට තුන් ගුණයකින් වර්ධනය කිරීමට කැපවන ලෙස සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින තායිලන්ත උප අග්‍රාමාත්‍ය සොම්කිඩ් ජාතස්රයිපිතාක් මහතා දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලීමක් කළේය.
උප අගමැතිවරයා මෙම ඉල්ලීම කරනු ලැබුවේ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ව්‍යාපාරික සංසද හමුවක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමිනි. මෙම හමුව පසුගිය 10 වැනිදා, පෙරවරුවේ කොළඹ 02, නවම් මාවතේ පිහිටි එම මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වසරේ සිට ඉදිරි පස් වසරක කාලයක් පුරා සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දෙරටම තීන්දු කොට ඇති බැව් පැවසූ උප අගමැතිවරයා, මේ තුළින් වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ තායි - ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශ අතර සහයෝගීතාවය වර්ධනය කිරීම බවද පවසා සිටියේය.
තායිලන්තයට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන තේ කෝටාව වැඩි කිරීමට තායිලන්තය බලාපොරොත්තු වන බව පැවසූ හෙතෙම, ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ගේ තාක්ෂණික නිපුණතාවය වර්ධනය සඳහා දායක වීමට හා සංචාරක සහයෝගීතාවය ගොඩනැංවීමට කටයුතු කරන බවද පැවසීය.