කැප්ටන් මාර්වල් නමින් හැඳින්වෙන ඇන්ජලෝ මැතිව්ස්, ලොව අංක එකේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වන ඔස්ටේ්රලියාව පසුගිය සතියේදී පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයකට ඇද දමමින් සිය තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණයක් කරා ගෙන ගියේය. මෙය තරග ඉතිහාසය තුළ, ශී‍්‍ර ලංකාව ප්‍රධාන ටෙස්ට් කණ්ඩායමක් පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයකට ලක් කළ ප්‍රථම අවස්ථාව විය.
එක්දින තරගාවලියේදී හා T20 තරගාවලිය තුළදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදිද්දී, බ්ලූ මවුන්ටන් අපාර්ට්මන්ට්ස් හි අකිලියොන් සමග අත්වැල්බැඳගන්නා ඇන්ජලෝ මැතිව්ස් එම තරගාවලි තුළදී සිය පිත්තෙහි අකිලියොන් සලකුණ සාඩම්බරයෙන් රඳවාගනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දෙන 13 වැනි ක්‍රීඩකයාවන ඇන්ජලෝ මැතිව්ස්, 2009 වසරේ එංගලන්තයේ පැවැති ICC World T-20 තරගාවලියේදී ප්‍රකට කළ විශිෂ්ට පන්දු රැකීම හේතුවෙන් ලෝක අවධානය දිනාගත්තේය. 2011/2012 ඔස්ටේ්රලියානු තරග සංචාරයේදී නොදැවී ලකුණු 77 ක් රැස්කරමින් ලසිත් මාලිංග සමග එක්ව (ලකුණු 132 ක් රැස්කරමින් එක්දින තරග ඉතිහාසයේ 9 වැනි කඩුල්ල සඳහා වූ හොඳම සබඳතාව) ගොඩනැගූ සබඳතාව මෙන්ම එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය තහවුරුකරමින් ලෝඩ්ස් හා හෙඩිංග්ලි හි එකපිට එක රැස්කළ ශතක ඔහුගේ ක්‍රීඩා දිවියේ වඩාත් මතකයේ රැඳෙන ජයග්‍රහණ අතර වේ. වසර 2014 මැතිව්ස්ගේ නායකත්වය වඩා කැපීපෙනෙන වසරක් වූයේ ශ්‍රී ලංකාව එක්දින තරගාවලි ගණනාවක් ජයග්‍රහණය කිරීම සහ 2014 වසරේ ආසියානු කුසලානය දිනාගැනීම හේතුවෙනි. එම වසරේදී, වඩා සාර්ථකම එක්දින තරග නායකයා බවට ඔහු පත්වූයේ තරග 32 න් 20 ක් ම ජයගැනීමෙන් හා 62.50% දිනුම් ප්‍රතිශතයක් වාර්තාකරමිනි. 2014 වසරේදීම, එක් වසරක් තුළදී එක්දින හා ටෙස්ට් යන උභය තරග අංශයෙන් ලකුණු 1000 බැගින් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමේ ප්‍රතිඵලය වූයේ, ඇන්ජලෝ මැතිව්ස්, වසරේ ICC ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස නම් කිරීමය.
බ්ලූ මවුන්ටන් අපාර්ට්මන්ට්ස් හි අකිලියොන්, ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන ප්‍රථම තරු 7 සුඛෝපභෝගී නවතම නිවාස සංකීර්ණයවන අතර සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර දේපළ වෙළෙඳාමේ දැවැන්තයකු වන පාමර් ඇන්ඞ් ටර්නර් සමූහය සමග එක්ව එය ගොඩනගනු ලබයි. අකිලියොන් හි පූර්ව වෙන්කිරීම් ඇරඹුණු තැන් සිට දින 10 ක් තුළදී නිවාස 166 ක් වාර්තාගත ලෙස අලෙවි විය. 2016/2017 ආසියා ශාන්තිකර දේපළ සම්මාන උළෙලේදී ‘Luxury Show Apartment’ අංශයේ විශිෂ්ට සම්මානය ඇතුළුව සම්මාන 4ක් මෙම ව්‍යාපෘතිය විසින් දිනාගන්නා ලදී.