තත්ත්ව හා ඵලදායීතාව ප්රවර්ධනය කිරීමේ ශ්රී ලංකා සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 'තත්ත්ව හා ඵලදායීතා සමුළුව 2017' ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (14දා) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
තත්ත්ව ප්රවර්ධන මෙවලම් භාවිත කිරීමේ තරගාවලි කිහිපයක ජයග්රාහකයන් සඳහා රන්, රිදී සහ ලෝකඩ සම්මාන පිරිනැමීම මෙහිදී සිදුවූ අතර, එහිදී රන් සම්මාන 15ක් ජනාධිපතිවරයා අතින් පිළිගැන්විණි.
තත්ත්ව හා ඵලදායීතාවය ප්රවර්ධනය කිරීමේ ශ්රී ලංකා සංගමයේ සභාපති නිමල් පෙරේරා මහතා ඇතුළු සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.