වාණිජ බැංකු පෞද්ගලික අංශය වෙත ණය ලබාදීම පසුගිය කාලයේදී විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ නැංවීම තුළින් මේ තත්ත්වය පාලනය කිරීමට පියවර ගන්නා බවත්, මෙරට තුළ ණය බුබුලක් නිර්මාණය වීම වැළැක්වීම මෙහි අරමුණ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පවසා සිටියේය.
මහ බැංකු අධිපතිවරයා මෙසේ පවසා සිටියේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථිකක තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා පසුගිය 25 වැනිදා මහ බැංකුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
එමෙන්ම, දැනට පවතින මට්ටම්වලම මහ බැංකු පොලී අනුපාතික ස්ථාවරව පවත්වා ගෙන යාමට කටයුතු කරන බවද මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ, පසුගිය සතියේදී මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 බැගින් ඉහළ දැමීමට තීරණය කර තිබූ පසුබිම පිළිබඳ අදහස් දක්වමිනි. මෙහිදී, අර්ජුන මහේන්ද්‍රන් මහතා වැඩිදුරටත් කියා සිටියේ,
"මහ බැංකු පොලී අනුපාතික පවතින මට්ටමේ තබා ගැනීමට අප විශාල පරිශ්‍රමයක් දරනවා. ගෝලීය වශයෙන් ඇති වී තිබෙන ආර්ථික තත්ත්වය නිසා ඇමෙරිකාව, මැදපෙරදිග ඇතුළු බොහෝ රටවල පොලී අනුපාතික ඉහළ යාමක් සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාව වැනි වර්ධනය වෙමින් පවතින වෙළෙඳ පොළකට එමගින් සිදුවන බලපෑම ඉහළයි" යනුවෙනි.
වාණිජ බැංකු පෞද්ගලික අංශය වෙත ණය ලබාදීම පසුගිය කාලයේදී විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ නැංවීම තුළින් මේ තත්ත්වය පාලනය කිරීමට පියවර ගන්නා බවත්, මෙරට තුළ ණය බුබුලක් නිර්මාණය වීම වැළැක්වීම මෙහි අරමුණ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2016 ජනවාරි 16 වැනි දින සිට 7.50% දක්වා ඉහළ නැංවීමට පියවර ගත් අතර, පසුගිය පෙබරවාරි 19 වැනි දින සිට නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6.50% ද්කවාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.00% දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලදී.