අමෙරිකාවේ 'මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්' (Millennium Challenge Corporation) මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත ඇ.ඩො. මිලියන 100කට ආසන්න ප්‍රතිපාදන සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ඊයේ (09දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේශප් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා Millennium Challenge Corporation හි කළමනාකාර අධ්යක්ෂ ජේම්ස් ඒ. ගෙරාඩ් මහතා ඇතුළු ඇමෙරිකානු නියෝජිත පිරිසක්ද එක්ව සිටියහ.
මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 50 සිට 100 දක්වා ප්‍රමාණයක ප්‍රතිපාදන නිකුත් කෙරෙනු ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
අදාළ සාකච්ඡාවේදී එම ප්‍රතිපාදන ලබාගත හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවධානය යොමුවිය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද විශේෂ සාකච්ඡාවකට එක්වීමට නියමිත මෙම පිරිස ලබන දෙසැම්බර් මාසයේදී යළිත් දිවයිනට පැමිණීමට අපේක්ෂා කරයි. එහිදී පැවැත්වෙන අවසන් සාකච්ඡාවලින් පසු 2017 වසරේදී අදාළ ප්‍රතිපාදන ලබාදෙනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.