ජූලි මාසයේදී ශ්රී ලංකාව වෙත පැමිණි සංචාරකයන්ගෙන් වැඩි පිරිස චීනයෙන් මෙරටට ළඟා වී ඇති බව ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය පවසයි.
එම කාර්යාංශයේ දත්තවලට අනුව ජූලි මාසයේදී චීන සංචාරකයන් 25,000ක් පැමිණ ඇති අතර, එය 65.5% ක වැඩිවීමකි.
එමෙන්ම, මෙරටට පැමිණි සංචාරකයන් අතර වැඩි පිරිස දිනකට ඇ.ඩො.250 කට වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් බවද එම කාර්යාංශය පෙන්වා දෙයි.