ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව පසුගිය ජූලි මාසය අවසන් වනවිට 16.8෴ කින් වර්ධනය වෙමින් මිලියනයක කඩඉමට ළඟා වී තිබේ.
මෙහිදී, විශේෂයෙන්ම එක් දිනකට ඇ.ඩො. 250 ක මුදලක් වියදම් කිරීමේ හැකියාවක් සහිත සංචාරකයන් පැමිණීමක් දකැනට ලැබෙන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ආචාර්ය රොහාන්ත අතුකෝරල මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ අනෙකුත් කර්මාන්තවල වර්ධනය යම් ස්ථාවර මට්ටමක පවතිද්දී, මහ බැංකු වාර්තා අනුව පවා සංචාරක කර්මාන්තය 14෴ ක දියුණුවක් ලබා ඇති බවද සභාපතිවරයා පවසයි.