මධ්‍යම පරිසර අධිකාරිය සංවිධානය කරනු ලබන 'ජාතික හරිත සම්මාන 2015' පසුගිය 05 වැනිදා පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
මෙම සම්මාන උලෙළේදී ක්ෂේත්‍ර 16කට අදාළව පරිසර ප්රඥප්තියට අනුකූලව කටයුතු කළ ආයතන සඳහා සම්මාන ප්‍රදාන සිදුවූ අතර, එහිදී රන් සම්මානයෙන් පිදුම් ලැබූ ආයතන වෙත ජනාධිපතිවරයා අතින් සම්මාන පිරිනැමුණි.
මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලාල් මර්වින් ධර්මසිරි යන මහත්වරුන් ඇතුළුව මහජන නියෝජිතයන් හා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.